-
- Home
- අපේ පාසල ගැන
- අපගේ ඉතිහාසය සහ සම්ප්‍රදායන්
- පාසලේ ඉතිහාසය
- මෙම පාසල මලියදේව බෞද්ධ බාලිකා යන නමින් පැවැත්වීමට වර්ෂ එක්දහස් නවසිය විසි හතේ ඔක්තෝබර් අට වන දින නො. AB 4618 / A 27 දරන ලියමනේ ප්‍රකාරව ඉගැන්වීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තුමා විසින් පිළිගෙන ඇත.ඉන්පසුව 1927 ඔක්තෝබර් 26 වන දින පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ ලියාපදිංචිව පාසල ආරම්භ කර ඇත.
- ශිෂ්‍යාවන් අට දෙනෙකුගෙන් හා එක් ගුරුභවතෙකුගෙන් අප පාසල ආරම්භ වී ඇත . මෙහි මුල්ම ගුරුවරිය වූයේ එන්.ඩබ්ලිව්. වීරසිංහ මහත්මියයි. 1927 නොවැම්බර් 16 දින ඇය සේවයට එක්වී තිබුණි.
- මුල්ම ගොඩනැගිල්ල පොල් අතු සෙවිලි කළ වරිච්චි බිත්ති සහිත කුඩා මඩුවකි. එහි බිම පැදුරු මත දැරියන් අධ්‍යාපනය හදාරා ඇත.
- 1962 අප්‍රේල් පළමු වන දින අප පාසල රජයට පවරා ගෙන තිබුණි. එවකට විදුහල්පති ලෙස සේවය කර ඇත්තේ ඒ. දානවතී මහත්මියයි. මෙතුමියගේ කාලයේ දී ශිෂ්‍යයන් ද අප පාසලට ඇතුළත් වී ඇත.