නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
පී.ආර්.සී.ආර්.ජයසේකර මිය
තාක්ෂණික වශයෙන් දියුණූ වූත් නවීකරණය වූත් වත්මන් ලොව තුල දැනුම වූ කලි ශීඝ්‍රයෙන් පුළුල් වන විෂයකි. ඒ අතර මිනිසාගේ සන්නිවේදනය ද නව මං පෙත් විවර කරමින් ඉදිරියට පැමිණ ඇති බැව් නොරහසකි. සන්නිවේදනයේ හා තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමඟ ලොවට දායාද වූ ප්‍රධානතම මෙවලමක් ලෙස අන්තර්ජාලය හඳුනාගත හැක. මෙකී දිනෙන් දින දියුණු වන තාක්ෂණය හමුවේ අන්තර්ජාලය තුල සක්‍රීය කොටස්කරුවන් බවට පත්ව ඇත්තේ අපගේ ළමා පරපුරයි. මේ වෙබ් අඩවි නිර්මාණය ද එය තහවුරු කරන්නකි.
පී.ආර්.සී.ආර්.ජයසේකර මිය
නියෝජ්‍ය විදුහල්පති
කෑ/බමුණුගම මලියදේව ක.වි.