ගුණ නුවණින් සපිරි විශ්වය ජයගත හැකි ශක්තියෙන් යුතු දූ පුතුන් සමාජයට දායද කිරීමේ විශිෂ්ට අරමුණ පෙර දැරිව තාක්ෂණික දියුණුවක් සමග තරුණ ශිෂ්‍ය ප්‍රජාව විදු දැනුම ජිවිතයට ආලෝකයක් කර ගනිමින් යහපත් ලෙස තම දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කර ගැනීමට නිරන්තර උත්සාහයක යෙදී සිටී. එහි එක් අවස්ථාවක් ලෙස අන්තර්ජාලය හදුනාගත හැකි අතර බමුණුගම මලියදේව කණිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුවන් ද දිනෙන් දින දියුණු වන තාක්ෂණය සමග අන්තර්ජාලයේ කොටස් කරුවන් වෙමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීම විශිෂ්ට අවස්ථාවක් ලෙස සලකමි.