විදුහල් භූමියට පිවිසීම
- සෑම ශිෂ්‍යයෙකුම ශිෂ්‍යාවක ම දිනපතා ශිෂ්‍ය වාර්තා පොත පාසලට රැගෙන ආ යුතුය.
- පාසලේ ඉගෙන ගන්නා සිසුන්ට ජංගම දුරකථන, සංයුක්ත තැටි, වීඩියෝ පට වැනි පරිගණක කොටස් (දෘඩාංග හෝ මෘදුකාංග ) පාසල තුළට රැගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් ය .
- කිසි කිසියම් ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් පාසල් කාලය තුළදී නිලඇඳුම හැර වෙනත් කිසිදු ඇඳුමකින් සැරසී පාසැල් පරිශ්‍රයට ඇතුළු නොවිය යුතුය.
කලට වේලාවට පැමිණීම
- සියලුම සිසු සිසුවියන් පෙරවරු 7 වන විට පාසලට පැමිණ සිටිය යුතුය.
- පෙරවරු 7. 20 සිට පස්වරු 01:30 දක්වා කාලය තුළ නියමිත පන්ති වල රැඳී සිටිය යුතු අතර දිනයේ තමන් වෙත පැවරී ඇති වැඩ කොටස් නිසි අයුරු ඉටු කළ යුතු වන්නේය .
- මෙම කාල සීමාව තුළ දී පන්ති වලින් බැහැරවීම සපුරා තහනම්ය . පන්ති වලින් බැහැර වන සිසුන් ශිෂ්‍ය වාර්තා පොතේ පන්ති භාර ගුරුභවතා ගෙන් පාසලෙන් බැහැරව යන කාරණයට අත්සන් කර අවසර ගෙන යා යුතුය.
පාසලේ හැසිරීම
- විද්‍යාලයේ ගෞරවය උපරිම අයුරින් රැකෙන සේ සියලුම ශිෂ්‍ය නායක නායිකාවන් හැසිරිය යුතු අතර අන් සිසු සිසුවියන්ට ආදර්ශවත් ලෙසින් සෑමවිටම හැසිරීමට වග බලා ගත යුතු වන්නේය.
- සෑම ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් ම විද්‍යාලයේ ගෞරවය ආරක්ෂා වන අයුරින් ආචාර සම්පන්න ලෙස පාසල් කාලය ගත කළ යුතුය.
- විද්‍යාලයේ විනය නීති මාලාවට පටහැනිව කටයුතු කිරීමෙන් වැළකී සිටිය යුතුය.
- විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, අංශ ප්‍රධාන, ගුරු භවතුන් හා ගුරු මණ්ඩලය සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු අතරම ඔවුන් විසින් පවරන විෂය බාහිර හා විෂ සමගාමී කටයුතු තම හැකියාව පමණින් ඉටු කළ යුතුය.
- උදෑසන පිරිසිදු කිරීම් කටයුතු නිසි අයුරින් ඉටු කළ යුතු අතරම සතියේ උදෑසන පැවැත්වෙන ආගමික වතාවත් හා රැස්වීම් සඳහා සියලුම සිසු සිසුවියන් සහභාගි වීම අනිවාර්ය වේ.
පාසලට නොපැමිණීම
- අසනීපෙන් පෙලෙන විටෙක හෝ තම පවුලේ අත්‍යවශ්‍යම කටයුත්තකදී හැර අන් කිසිම කරුණක් සඳහා වත් පාසලට නොපැමිණීමෙන් වැළකිය යුතුය .
- නොපැමිණීමට හේතුව නොපැමිණි සෑම දිනකම ශිෂ්‍ය වාර්තා පොතේ අදාළ තීරුවේ මව ,පියා හෝ භාරකරු විසින් සටහන් කොට අත්සන් තැබිය යුතුය.
- එය නැවත පාසලට පැමිණෙන පළමු දිනයේදීම පන්ති භාර ගුරුභවතාට පෙන්වා අත්සන් ලබා ගත යුතුය. මේ සඳහා ලිපි හෝ වෙනත් ලියවිලි භාර ගනු නොලැබේ.
- දරුවන්ගේ අසනීප තත්ත්වයන් හැර මංගල උත්සව අවමංගල කටයුතු වන්දනා හා විනෝද චාරිකා දෙමාපියන්ගේ කටයුතු සඳහා දරුවන් පාසල් නොයවා නිවසේ නවතා තබා ගැනීම් නොකරන්නේ නම් එය අගය කරමි.
- ලිත් මාස දෙකක් නොකඩවා පාසල් නොපැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නම් පන්ති නාමලේඛනයෙන් ඉවත් කරන බව අවධාරණය කරමි.





